සභාපතිතුමාගේ පණිවිඩය | Message of the Hon.Chairman | தவிசாளரின் செய்தி

screa
2025 පළාත්පාලන මැතිවරණයේදී ජාඇල ප්‍රාදේශීය සභාව වෙනුවෙන් ඉදිරිපත් වූ ජාතික ජන බලවේගයේ කණ්ඩායම කොට්ඨාස 26 ම විශිෂ්ට ලෙස ජයගන්නා ලදී. ජාඇල ප්‍රාදේශීය සභාවේ සභිකයන් 43න් 27ක් ම මාලිමාවෙන් තේරීපත් විය. ජාඇල ජනතාව මාලිමාව කෙරෙහි තැබූ විශ්වාසය කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් ආරක්ෂා කිරීම අපේ අපේක්ෂාවයි.

පසුගිය දිනවල පැවති සියලු මැතිවරණවල ජනවරමට බලපෑ ප්‍රධාන සටන් පාඨය වූ “දූෂණයෙන් වංචාවෙන් තොර කාර්යක්ෂම රාජ්‍ය පාලනයක්” ජාඇල ප්‍රාදේශීය සභාව තුළ ස්ථාපිත කිරීමට අපි ආරම්භයේ සිට ම කැපවන්නෙමු. එසේම පළාත්පාලනය තුළින් ජනතාවට ඉටුකළ යුතු සේවා කාර්යක්ෂමව ලබාදීමටත්, 21 වන සියවසට ගැළපෙන ලෙස ජාඇල ප්‍රාදේශීය සභාවේ කටයුතු සැලසුම්කර සියලු පාර්ශව සමග එක්ව ක්‍රියාත්මක කිරීමටත් මෙම ධූරකාලය තුළ අපේක්ෂා කරමු.

එම්.ඒ.ප්‍රසාද් නිරෝෂන් අප්පුහාමි
සභාපති
ජාඇල ප්‍රාදේශීය සභාව.